හෙට ඉරක් පායයි, උපුටනය 07

>> Friday, March 26, 2010

14.
පුංචි පුංචි මල්
සුදු සුදු පාටින්
ගස වටකර පිපෙතෙයි

රේනු උරන වන බඹරිඳු ඇවිදින්
ඒ මත හිඳ හඬතෙයි

රෑ
එලි වන තුරු
අඹ ගස
මු
ඳු
නෙ
න්
කොවුල් නාද කරතෙයි
අවුරුදු දවසට
මී අඹ කන්නට
නෑනා 
මෙහි වඩිතෙයි


2 අදහස්:

``` Outsider``` 12:15:00 AM  

කුඩා කල සිට සේකරගේ කවි වලට පෙම් කල මට සිතේ ඔහු අමතන්නේ මගේ ආත්මයටද කියා කියවන හැම විටම.....

රසික වික්‍රමනායක 12:29:00 AM  

ඒක තමයි කවියෙකුගේ සාර්තකභාවය.. පුද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත්කිරීමේ හැකියාව..

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP