කිවිඳුගෙ සොහොන.

>> Monday, March 15, 2010

ජීවිතය තිත්ත වූ
එක් කලෙක
නොසිහියෙන්
මා මුවින් වැමෑරුනු දුක් ගැහැට
එකතු කර
එය මහා කවියකැයි
පසු කලෙක ඔබ කීහ.

ඒ මහා කවි ගොතා නිම කල
කිවිඳු සේ ගෙන
ඔබ මට පසස්නා කල
එ මඟින්
අලුත් වී පැරණි දුක්
මසිත පෑරිණ යලි යලිත්.
කුමකටද පැසසුම්
නොවත ඒ සිත දුකට පිලියම්
පැසසුම්ද ගැරහුම්
දෙකෙහි වෙනසක් සිතට නැතිනම්.

පැසසුම් ලබනටද
ගැරහුම් ලබනටද නොව
පැසවා කළල මෝරා
සිතෙහි දුක් කවි වෙසින් බිහි වෙයි.

ලියන්නට එවන් කවි
තවත් මට නොකියන්න.

මා මැරී සිටි එකල
සිතන සේ ඔබ
විනම් මා තුල කාලිදස්සෙකු
හසළ කිවිකම්
ඒ කිවිඳු මරාගෙන
මා යළිදු ඉපිද ඇත.


0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP