තුංමංහන්දිය - සේකරගේ සන්වේදීභාවය

>> Saturday, March 20, 2010

තුංමංහන්දිය මහගම සේකරගේ සන්වේදී භාවය, දයාවී ගුණය, පෞරෂත්වය, අව්යාජත්වය පෙන්වන කැඩපතක් බඳුය.
‘මහගමට තිබුනේ පුදුම විදිහේ සන්වේදී මනසක්.සියුම් හඬක් වුණත් ඔහුගේ හද සසල කලා.රෝහලකට ගියත් ලෙඩුන්ගේ කෑගැසීම් අවධානයෙන් අසා සිටියා.ඔහු හැම දෙයක් ගැනම අවධානයෙන් පසු වුනා.අප එතරම් නොසලකන සිදුවීමක් පවා ඔහුට යම් කිසි අත්දැකීමක් ලබා දුන්නා’

කුසුමලතා මහගම සේකර මහත්මිය සේකරයන්ගේ සන්වේදීතාව හා නිරීක්ෂණ ශක්තිය ගැන එසේ පවසයි. එයට කදිම උදාහරණයක් තුංමංහන්දියේ ඇත.
“……….තුවක්කුව මාමාට නොගැලපෙන ආයුධයකි. මාමා ආයුධ කිව්වේ මේවාට නොව කඩදාසි මල් කපන නියන් වලටය. මම ඇඳ යටට එබී බැලුවෙමි.මමාගේ ආයුධ පෙට්ටිය ඇඳ යට සුරැකිව තබා ඇත.එහි දූවිලි හා මකුලු දැල් බැඳිලාය.තව දුරටත් මේ ආයුධ වලින් මාමාට වැඩක් වේදැයි මට සිතුණි.ඔහු අලුත් ආයුධයක් තෝරාගෙන ඇත.එහෙත් ඒ ආයුධය ඇත්තේ විසිතුරු කැටයම් කැපීමට නොව වෙඩි තැබීමටය.වත්තට හොරෙක් ආවොත් මාමා ඔහුට වෙඩි තියයි දැයි ඊළඟට මට කල්පනා විය.දවසක් වතුර වීදුරුවකට මැස්සෙක් වැටී සිටියේය.මාමා පරිස්සමින් ඌ සුලැඟිල්ලට ගෙන ඌ දෙස බලා සිටින්නට විය.ටික වේලාවකින් මැස්සා ඉගිලී ගොස් බිත්තියේ වැසුවේය. ඌ ඉගිලී යනහැටි බලා සිටි මාමාගේ මූණේ මද ආලෝකයක් ඇති විය……”
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.


3 අදහස්:

රවා 6:17:00 AM  

මම අපොස සා/පෙ සාහිත්‍ය විෂයට තුංමං හන්දිය කරා.. එතනදි ප්‍රශ්න පත්තරෙ ප්‍රශ්නෙ තමයි සිරි සෙනගෙ සංවෙදිබාවය.... මෙතනදි ඔබ ඉදිරිපත් කරලා තියන උදාහරනයත් එක්ක මම තව උදාහරන කිපයකින් පැහැදිලි කලා.... මම youtube එකට එකතු කරා තුංමං හන්දියෙ ගිතය... රුපවාහිනියෙ යද්දි මම තුංමං හන්දිය චිත්‍රපටියෙ කොටසක් පටිගත කරගත්තා.. නිර්මාණ හොරකම්ක් උනාට එක මම ගාව තියනවා. එතනින් කපා ගත්තා එ සින්දුව

http://www.youtube.com/watch?v=DwCfJRMkspI
link එක ඔයාට ඔනා නම් ගන්න...

රසික වික්‍රමනායක 8:11:00 AM  

මම පොඩි කාලෙ ඉදන් ආසම පොත තමයි තුන් මන් හන්දිය…
මෙ ලින්ක් එකට ගොඩක් ස්තුතියි…මම සයිට් එකේ තියෙන ඕඩියෝ ලින්ක් එක අයින් කරලා මේක ඇඩ් කරන්නම්..
මට සහෝදරයගෙ සම්පූර්න නම කියනවද? ඉස්සරහට මට උදවු කල අයගෙ ලිස්ට් එකක් සයිට් එකට දාන්න ඉන්නෙ….

රවා 11:28:00 AM  

මගෙ නම තුෂාර රවින්ද්‍ර...
රවා කියලා ඉන්නෙ නිකන්. නම හංගන් කතාකරාට ටිකක් නිර්මාණ එක්ක කතා කරද්දි ඔයාට වැටෙහෙයි මෙ මනුස්සයා නම විතරයි හංගන්නෙ කියලා...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP