හඳ සහ නිව්යෝර්ක් නුවර…

>> Monday, March 22, 2010

කලු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.

මහපොලවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟා කියමි
නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
මගෙ කනටම.
යා යුතු අතක් නොදැන
කවුලුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.

අසුවී විදුලි එලිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහිඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හදුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ
මට සිහි වෙයි.

මහා දුකින් ඉහල බලමි


දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලුවට පායන හඳ.

බෝඩිම 48-49 පිට

2 අදහස්:

රවා 12:24:00 PM  

අයියා මෙ මනුස්සයා පුදුම විදියට සරල වචන හසුරවලා ලොකු දෙයක් ලියනවා කවියකින් .. මහා ප්‍රබුද්ධ විදියට නෙමෙ පුංචි මනුස්සයෙකුට උනත් ටක් ගාලා තෙරෙන විදියට හරිම ලස්සන දෙය මෙතනින් එලියට එනවා...

මෙම නිර්මාණ උපුටා ගත්තා කියලා ඔයාට කාගෙන් හරි කෙස් එකක් වැටෙයිද දන්නෙ නැහැ...මොකද බුද්ධිමය දෙපල පනතක් කියලා නිති ටිකක් තියනවා... මෙවගෙ භාරකාරත්වය මම හිතන්නෙ කුසුමලතා මහගසේකරට හිමි වෙන්නෙ..තාක්ෂනය සම්භන්ද දෙයක් නම් අවුරුදු 10 විතරයි එහි නියම හිමිකාරයට එහි අයිතිය හිමිවන්නෙ.. කලා නිර්මාණ සම්භන්දයෙන් මම වැඩියමක් දන්නෙ නැහැ...ඔයා මෙ ගැන හෙව්වාද..?

රසික වික්‍රමනායක 2:08:00 AM  

ow malli copyright tiyenne kusumalathaa mahagama sekerata thamai.. eeth mama karanna hadanne hoda deyak. kawuru hari case ekak dammoth itin site eka makanna thamai wenne. wena karanna deyak naa....

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP