කුස!

>> Thursday, March 18, 2010

කුස!
දමාපන්
උඹේ ඔය වීනාව පැත්තකට
අත් ඇරපන්
ඔය මූර්ති ශිල්පය
පබාවතියට
කලාවෙන් වැඩක් නැත

ගනින් අතට වන්ක මැණික
එක් රැස් කර ගනින් බලය
පිලිමලුන්ගෙ එඩි මඬින්න
එවිට ඒවි 
පබාවතී
උඹ ඉන්නා තැන හොයාන
උඹේ දැවුනු මුහුණ
ඇයට
එතකොට ලස්සනක් වේවි..


2 අදහස්:

චමිත් ජයවීර 8:28:00 AM  

හීයක් වගේ කවියක්.................!!!

රසික වික්‍රමනායක 9:09:00 AM  

ඔව්. අද අපි දකින යතාර්තය සේකර වසර තිස් ගනනකට පෙර දැකලා.....!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP