ජනතාවෝ

>> Sunday, March 28, 2010

(සමූහ ගායනය)

ජනතාවෝ අපි ජනතාවෝ
මව්බිම රකිනා ජනතාවෝ
මව්බිම ගං හෝ කෙත්වතු සාගර
දෑතින් දරනා ජනතාවෝ
සම්පත කැටිවුන මව්බිම පොලවට
ආසිරි සලනා ජනතාවෝ

ළං ළං වී එන ජය ගී නාදය
අසනා කන අපි ජනතාවෝ
පින් බර හෙට දින ජයසිරි මහිමය
දකිනා ඇස අපි ජනතාවෝ

එකම හැඟුමකින්
එකම පැතුමකින්
එකම අදිටනින් එකට බැඳී
උදාර වූ එක අරමුණකට යා
එක හදවත අපි ජනතාවෝ..

සංගීතය : අමරදේව
ගායනය : අමරදේව සහ විමලා අමරදේව
ප්රබුද්ධ ගීයකි.


1 අදහස්:

දිල් 9:58:00 AM  

ස්තුතියි රසික......සේකර මහතාගේ තවත් අපූරු ගීතයක් අපි එක්ක බෙදාගත්තට

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP