රත්න දීප.

>> Monday, March 22, 2010

රත්න දීප ජන්මභූමි
ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි..

ආදි සිංහලේ
වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ
මාතෘ භූමියයි….

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

ගංඟා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුළෙන් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…

බෝඩිම, පිට 42,23
පසුවදන:

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය.

3 අදහස්:

දිල් 9:28:00 PM  

අපේ ඉස්කෝලේ ඉස්සර හැමදාම උදේට බුදුන් වැදලා ඉවර උනාට පස්සෙ ජාතික අභිමාණී ගීතයක් ගායනා කරනවා. මේ හිතයත් දහස්වාරයක් ගායනා කරලා ඇති. එදාට වඩා අද වෙනස් දැනුනා....අනේ මන්දා..සමහරවිට අද සේකර කියන්නෙ කවුද කියලා දන්න නිසා වෙන්න ඇති

රවා 1:31:00 PM  

අක්කා සෙකරව දන්නෙත් කිපදෙනයි ... දැනගන්න ඔනා මිනිස්සු නෙමෙ... සකරව දන්න මිනිස්සු බොහොම සංවෙදිව... සරලව සමාජයෙ නිහඬව ජිවත් වෙනවා... අනිත් මිනිස්සුන්ව ජිවත් කරවනවා.. මෙ ගිතය පාන්දර ඇහෙද්දි හිතට දැනෙන දෙ කියාගන්න බැරිතරම්.. හරිම විචිත්‍රවත් ගිතයක්....මම ආසම කවීන් කිපදෙනයි ඉන්නෙ... එ අතරිනුත් මහගම මහත්තයා ප්‍රමුකයෙක්.. එයාගෙ ආසම ගිතයක් තමයි මෙ..ඇත්තටම ඔක්කොම ලස්සනයි... මහගම සෙකර අමරදෙව සුසංයොගයෙන් බිහිඋන සියලුම නිර්මාණ අමරණියයි.... එවා හැමදාම මිනිස්සු විඳියි...මතක තබාගනි...

රසික වික්‍රමනායක 6:08:00 AM  

සේකර මියගිය දවසේ අමරදේව කිව්වලු මියගියේ සේකර නොව තමා බව..
අපේ ගීත සාහිත්යයේ හොඳම සුසංයෝගය.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP