ප්රබුද්ධ උපුටනය 03

>> Friday, April 16, 2010

කළු කබා මහත ටයි
තරබාරු ප්රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්තා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්
රජයේ වර ලැබූ
වියාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
චන්දෙට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ගණ දෙතොල් උල් වූ නිය ඇති
අඩවන් තඩිස්සි ඇසි
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්..

ප්රබුද්ධ 10 පිටුව


7 අදහස්:

රවා 8:42:00 AM  

තවත් සුන්දර පහර ගැසිමක්.. නෙද..?

``` Outsider``` 8:48:00 PM  

අද තත්වෙත් මේකමයි වෙනසක් නෑ

ගල්මල්-Coral 9:42:00 PM  

තව මොන නම් වර්ණනා ද?

කියවන්න කියවන්න රසය වැඩි.

Thejan 1:43:00 AM  

ප්‍රබුද්ධ කවි සංග්‍රහයේ තිබුණු කවියක එක පදයක් මතකයි. පුලුවන්නම් මේක හොයලා දාන්න.

ලාබ පුයර වත දවටා...

සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්.

ඔන්න ඔය ‍වගේ වචන කිහිපයක් තිබුණේ.

සයිමන් නවගත්තේගම 1:47:00 AM  

PDFපද්ය...( බිය නොවන්න සොඳුරිය - VOL 01 )

මෙන්න බාගන්න - http://www.4shared.com/document/T-cFiBCU/Biyanowanna_Sodhuriya_vol_01_.html

මුතුණි 11:08:00 AM  

@Thejan
"උඩින් උඩින් දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසී"

මේක නේද ඔය කියන්නෙ?

මුතුණි 3:59:00 AM  

"උඩින් උඩින් දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසී"

තේජාන් පැවසුවේ මේ කවිය ගැනද?

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP