39

>> Friday, May 7, 2010

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලද ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ

රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ලමැදේ මුස කරන්නේ
හදේ මෝරණ ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී රත් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
(නල දමයන්ති මුද්රා නාටකයෙනි)

හෙට ඉරක් පායයි පිට 39


2 අදහස්:

රවා 11:13:00 AM  

ඔයා මෙ ගිතය දැකලා නෙද පුංචි උත්සහයක් දැරුවෙ.. අනිත් බ්ලොග් එකෙ...

මහගම සේකරගෙ අපූරුම තැනක් මෙතන... මෙ ගිතය ගායනා කරන්නෙ විශාරද අමරදෙව මහත්මයා වුනාට.. මෙ ගිතයෙ.. අන්තර්ගතය ගැහැණු කෙනෙක්ගෙ හිතෙ ඇතිවන හැගීම්.. හරිම ලස්සන දෙයක්.. මෙ මනුස්සයා වචන එකතු කරලා පුදුම දෙවල් තනලා නෙද..

රසික වික්‍රමනායක 6:23:00 AM  

mokadda mulin kiwwe rawa? mata terune naa..

ape sinhala geetha ssahithyaye piriminge roo sapuwa warnanana karala liyawechchi ithaama athlossak geetha athare meeka thamai vishistama nirmaanaya...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP