මන්ද්ර තිත..

>> Monday, May 10, 2010

වීණාවේ තත සියුම් වෙවී
නිසොල්මනේ හිඳ සුසුම් හෙලයි

එයින් නැඟෙන සියුම් ස්වරය
දුරින් දුරට පාවී
කෙමෙන් ගෙවී
පිට සක්වළ පොඩි තරු කැට
පිණි කඳුලින් හඬා වැටෙන
අනන්ත වූ ආකාසේ
වලා අතර නෑසී යයි

තැලෙන තරමට
වඩා තියුණුව
වඩා මිහිරිව
හඬන වෙණ තත
ඇයිද ඔබේ රළු ඇඟිලි තුඩින්
පාරා තව තව රිදවන්නේ
අන්තිම ගීයේ අවසානේ
කම්පනයෙනි එය වෙවුලන්නේ

එහෙත් එය වැළපෙනු ඇසීමෙන්
ඔබට යම් සතුටක් ලැබේ නම්
වීණා තත් සිඳෙන තුරුම
තොරක් නැතිව පහර දෙන්න
වඩා මිහිරි හඬක් එයින්
ලබනු පිණිස සිඳෙන තුරුම..

සක්වාලිහිණි පිට 62


0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP