මී දුම් බර හිමිදිරියක

>> Tuesday, June 8, 2010

මී දුම් බර හිමිදිරියක
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.

උදය විය.

ඒ එක දවසක් ය.

ප්රබුද්ධ, පිට 47


Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP