මක්නිසාද යත්, උපුටනය 04

>> Monday, October 25, 2010

බිඳෙන් බිඳෙන් ජලේ
පයිප්පයෙන් වැටේ
බෙලෙක්ක ටින් රැගත්
ළමෝ වටා සිටිත්.

ඇටෙන් ඇටේ ඉලේ
හමෙන් නෙරා පෙනේ
බතක් නැතත් කුසේ
බඩත් පිරී තිබේ
උඩින් උඩින්දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්

ඉහින් කනින් පිරී
ඩබල් ඩෙකර් දුවයි
ඇසුත් කනුත් වසා
නගින්නෙ දූවිලියි

නොකා නොබී කෙසේ
මැරෙම්ද හාමතේ
කකා කකා කියා
හඬත්ය කාකයෝ

මක් නිසාද යත්, පිට 17

2 අදහස්:

නලිනි චන්දිමා 12:17:00 AM  

මක් නිසාද යත් පොත අර ගත්තට කියවන්න ඉසිඹුවක් ලැබුණෙ අද. ඒ ඒ අවස්ථාවට, ඒ ඒ මානසිකත්වයට, ඒ ඒ පුද්ගලයාට අනුව බස් වහර වෙනස් කරමින් සේකර ආයාසයකින් තොරව ගොඩ නගන මේ කව්මිණ කෙතරම් අපූරුද? පොත හොයාගෙන ඒ රස විඳින්නට වරම් නැති අයට ඒ අවස්ථාව දෙන්නත්, පොත හොයාගෙන කියවන්නට අනුබල දෙන්නටත් ඔබේ මේ සටහන උපකාර වෙනවා ඇති.

රසික වික්‍රමනායක 5:36:00 AM  

ගොඩක් ස්තුතියි චන්දිමා.. සේකරගේ සියළුම කවි සදාතනික ජාතික වස්තූන්…

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP