රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 05

>> Saturday, May 14, 2011

නන්දාවතී, උඹත් වරෙන් කොලඹ
වලව්ව දැන් ඇද වැටිලා
වීදුරු ගෙයක් හදල පියල් කොලඹ.
වතුර පොම්ප
විදුලි බුබුළු
ඇස්බැස්ටෝස් තහඩු
ඇමරිකානු පැටන් එකට

ගමයෙක් නොවෙයි පියල්
ඌ ඇවිල්ල කොලඹ එකෙක්
ඉස්සර හිත බැඳුණු කමට
පෙරැත්ත කරනවා මිසක

දාහක් හොයා ගන්න බැරියැ මෙහෙං
වයිවාරන්න එවුන්.
සිනමා හෝල් ඇතුලෙ
විහාර මහ දේවි උයනෙ
ගෝල්පේස් පිට්ටනියෙදි
ලක්සැලේදි
සාප්පු - කන්තෝරු වලදි..


රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, පිට 25


6 අදහස්:

මාරයාගේ හෝරාව 10:25:00 AM  

කාලෙකින් දැක්කේ රසික..බොහෝම සතුටුයි

නලිනි චන්දිමා 10:09:00 PM  

"මේ කාව්‍යයේ ආකෘතිය ගැනද යමක් කිව යුතුය. බැලූ බැල්මට මෙය නිසදැස් කාව්‍යයකැයි කෙනෙකුට හැඟෙනු ඇත. එහෙත් ජනකවි හා පැරණි කවි ආර අනුව ලියූ කවිද මෙහි අතරින් පතර ඇත. මේ කාව්‍ය ක්‍රමය කුමක්දැයි යමකු මගෙන් ඇසුවහොත් මේ මගේ කාව්‍ය ක්‍රමය යි කීමට මට සිදු වෙයි."
~ මහගම සේකර

රසිකට බොහොම ස්තුතියි මේ කාව්‍යයන් රස විදීමට සැලැස්වීම ගැන.

``` Outsider``` 11:37:00 PM  

ගොඩක් කාලෙකින්...
ස්තූතියි

Hasitha Gunasinghe 10:42:00 PM  

ඇති යන්තම් ආයිත් ඇවිත්. සතුටුයි. බොහොම ආසාවෙන් කවි ටික කියවාගෙන යන්නේ

sindulanthe 6:16:00 AM  

Nice blog, we would like to put a link to this site in our site, let us know (sindulanthe at gmail.com)

Bindi 7:59:00 AM  

ස්තුතියි රසික .මටකාලෙක ඉඳල සේකරගේ කවි ආයේ කියවන්න ආසාවෙන් හිටියේ .මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් හරහා මේ ආවේ

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP