වැස්ස.

>> Thursday, August 11, 2011

ආච්චියේ මේ බලන්න
දේදුන්නක් පායලා
රතු පාටට
නිල් පාටට
අහස දිගට පායලා….

දෙයියෝ දේදුන්න අරන්
වලාකුළට විදිනවා
එතකොට ඒ වළාකුලෙන්
වැස්ස කඩා හැලෙනවා…

පුංචි පුංචි වතුර බිංදු
මිදුල පුරා පිපෙනවා
අම්මේ මේ චූටි මල්ලි
මිදුලේ වැහි නානවා…..


1 අදහස්:

Anonymous 9:54:00 AM  

හරි අපූරැයි මේ වැඩේ නම්...

අපිට මහගම සේකරයන්ගේ පොත් හොයාගෙන කියවන්න කාලයක් නැති නිසා... මෙහෙමවත් කියවන්න හම්බුවෙන එක ​ලොකු දෙයක්...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP