සේකර ජීවන සටහන්.

1929 - අප්රේල් 07 වන දින කොලඹ දිස්ත්රික්කයට අයත් රදාවාන ගම් පියසේදී මහගමගේ ජෝන් අප්පු හාමි සහ රණවක ආරච්චිගේ රොසලින් දම්පතීන්ට දාව පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීම.
1934 - රදාවාන රජයේ පාසලට ඇතුළු වීම.
1948 - චිත්ර කලාව ඉගෙනීම සඳහා කලායතනය, එනම් රජයේ චිත්ර කලා ආයතනයට ඇතුල් වීම.
1950 - නිට්ටඹුව ගුරු විද්යාලයට ඇතුල් වීම.
1952 - පලමු පංතියේ සිංහල පුහුණු ගුරුවරයෙකු වශයෙන් ගුරු විද්යාලය හැර යාම.
 රාජගිරියේ හේවාවිතාරණ විදුහලට මාර්තු 02 වෙනිදා චිත්ර කලා ගුරුවරයෙකු වශයෙන් සම්බන්ධ වීම.
 ලංකාදීප පුවත් පතට හා රසවාහිනී සඟරාවට ලිපි, විකටාංග,කවි ආදිය සැපයීම.
1956 - ධවල සේනාංකය ලියා පලකිරීම. මෙය ආතර් කොනන් ඩොයිල් ගේ “වයිට් කම්පැනි” කතාවේ සිංහල පරිවර්තනයයි.
ජාතික කලා පෙරමුණ විසින් සංවිධානය කරන ලද චිත්ර ප්රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද “මහාභිනිෂ්ක්රමනය” නම් සිතුවමට දින දින ත්යාගය හිමි වීම.
1957 - ලන්ඩන් විශ්ව විද්යාලයේ ජී.සී.ඊ. විභාගය සමත් වීම. (ඉන්දියානු ඉතිහාසය, සිංහල, පාලි)
1958 - රාජ්ය භාෂා දෙපාර්ත්මේන්තුවට භාෂා පරිවර්තකයෙකු වශයෙන් සම්බන්ධ වීම.(ජූනි 24 දින)
පුංචි අයට කයි කතන්දර ප්රකාශයට පත් කිරීම.කුඩා ලමයින් වෙනුවෙන් පබදින ලද කෙටිකතා සහ නාට්ය එකතුවකි.
ඕමාර් කයියාම් ගේ රුබෙයියාට් සේකරගේ පරිවර්තනයක් ලෙස රසවාහිනී මාර්තු කලාපයේ පල වීම.
1959 - ස්වර්ණතිලකා නාටකය ලියා නිශ්පාදනය කිරීම.රාජගිරිය හේවාවිතාරණ විද්යාලයේ දරු දැරියන් සහභාගි වූ ගීත නාටකයකි.
1960 - ශ්රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් අධ්යක්ෂක ලෙස පෙබරවාරි පලවෙනිදා වැඩ භාර ගැනීම.
වියංගා පල කිරීම. කේ.ජයතිලක සමඟ සකසන ලද කෙටි කතා සහ කවි එකතුවකි.
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාහිත්ය දිනය උදෙසා ඉදිරිපත් කරන ලද “චෝර පබ්බත” නාටක පිටපතට ප්රථම ස්තානය සහ රුපියල් දහසක මුදල් ත්යාගය පිරිනැමීම.

Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP