Showing posts with label ප්රබුද්ධ. Show all posts
Showing posts with label ප්රබුද්ධ. Show all posts

ප්රබුද්ධ උපුටනය 05

>> Thursday, November 24, 2011

ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත

ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.

සිහින් අත්ගොබ තියුණු නෙත් යුග
රැළි වැටුනු දෙකොපුල් නළල් තල;
උස්ය ඉදු කය;
ළය රෝඹු සුදුවන්ය;
තැනින් තැන ඉරී ගිය
පෙරෙවි දළ කඩ දුඹුරුය.
පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුල
ඉස බැඳුණු කෙහෙමඩුලු
උපසාන්තය
මුහුණ සන්සුන්ය.

‘නිදුකාණෙනි! කියනු මැනව!
ඔබ කවුරු ද?
ඔබ බුදුබව ලද කෙනෙක්ද?
ඔබගේ වැනි තැන්පත් සුවපත් බව
කවදා කෙලෙසක මට ලැබිය හැකිද?’

සිඟන්නා සිනා සිණ,
මද සිනා සඳ රැසින් පෙරී එන.

‘කතා කරන්නෝ නො දනිති.
දන්නෝ කතා නොකරති.
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ,
සිතමි මම..

ප්රබුද්ධ පිට 75

Read more...

ප්රබුද්ධ උපුටනය 04

සැණකෙළි බිමෙහි සිට
ආ දන අවන්හල වෙත
බොත් සුරා ඇති පදමට
මහත් අසහනයෙන් මිදීමට.

බනිති මැති ඇමතින්ට රජයට;
කියත් ගී ගසමින් මේසයට;
නිදත් නෙක සුබ සිහින දැක දැක
හඬත් උන් හිටි ගමන් ඇස හැර.

වැඩිවිය අවන්හලෙහි කරච්චලය;
වැඩි විය වර්ෂාවද;
දැන් කිසිවක් පැහැදිලි නැත.
ඔක්කොම එක රොත්තට
ඇත්තම කතා කරති;
කිසිවක් පැහිදිලි නැති ඒ නිසාය.

ප්රබුද්ධ
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.

‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොල
කුමක්දෝ ඔබ සොයන සත්යය’

‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’

කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය’

ප්රබුද්ධ පිට 74.

Read more...

ලෝකය තනි යායකි.

>> Thursday, July 28, 2011

රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….

බෙදා ගෙන මහ පොළව
පර්චස් තිහට, තිස් පහට, හතළිහට
ගසා කටු කම්බි හත් අට පොට
තබා කබොක් ගල් බැඳ උස තාප්ප
දමා ගේට්ටුවට යකඩ ඉබ්බන්.

සිරවී සිටියෝය ඔවුහු
මුළු දහවල් දවස තුල
තමන්ම තනා ගත් ඒ සිර කඳවුරු තුල.

බැස ගොසින් ගිනියම් ඉර
උදාවිය පෙරගිරින් පුරා හඳ
වෙනදාට වැඩි කලඑළියට
මහතට හා වට රවුමට
දැල්වින ගෙයින් ගෙය වෙසක් කූඩු
පාට පාට බකට් පහන්
පියසි අගින් අතුපතරින්

බැලුවෙමි මිදුලට බැස.
පුදුමයක් ය!

වෙසක් පහන් වලින් ගලන
සවණ්ක් ගන රැසින් වැසී
පොළව බෙදූ තාප්ප හා කටු කම්බිද
මොහොතින් අතුරුදන් වී ගොසින්ය.

ලෝකය තනි යායකි.


ප්රබුද්ධ, පිට 58

Read more...

මී දුම් බර හිමිදිරියක

>> Tuesday, June 8, 2010

මී දුම් බර හිමිදිරියක
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.

උදය විය.

ඒ එක දවසක් ය.

ප්රබුද්ධ, පිට 47


Read more...

ප්රබුද්ධ උපුටනය 03

>> Friday, April 16, 2010

කළු කබා මහත ටයි
තරබාරු ප්රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්තා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්
රජයේ වර ලැබූ
වියාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
චන්දෙට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ගණ දෙතොල් උල් වූ නිය ඇති
අඩවන් තඩිස්සි ඇසි
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්..

ප්රබුද්ධ 10 පිටුව


Read more...

උපහාරයි

>> Tuesday, March 16, 2010

ඇවිද ළඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.

විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කව කටුව දිග රූල
ඇඳ නෙක් මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකුටු නියනින්
විශ්වයෙහි රටාව ම කලාවට නඟන හැටි
කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.


Read more...

අම්මා

ඔබා දෙදණ නිල් උඳු පියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට;
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේය ඔහු එමල නමා හිස
'දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබය'
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබය;

අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ ය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට 
කියා දුන් අම්මා ඔබ ය.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැඩපතක් බව;
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නො දුටුවෙමි කිසි විටෙක සතුටක්
නො දුටුවෙමි කිසි විටෙක දුකකුත්,
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්?
ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වී ය මන්දිර යාන වාහන,
එහෙත් ඒ කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්.
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්යුය
නො ලබා ම ඔබ ඒ කිසිවක්?

ප්රලබුද්ධ (1977) පද්ය සංග්ර හයෙනි.



Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP