තාත්තා..
>> Thursday, August 4, 2011
පුංචි කාලෙ ඉඳලා මම
ආදරයෙන් ඇමතූ හඬ
මැකී ගියා,
දොළොස් විය ඉක්මෙන්නටත් පෙරාතුව.
ගස් වැල් හඬා වැලපින
මහත් සේ කම්පා විය.
සිරුරෙන් ඉතුරු වුන අළු රැගෙන
තැන්පත් කලෙමු සොහොන් ගැබක
සදාකාලයට සුරැකෙනු පිණිස.
පස් වසකට පසුව රැයක
පාළු අඳුරු රුදුරු රැයෙක
කණකොකෙක් වේදනාවෙන් හඬා ගියේ
අප ආදර සිහිවටනය
සොරාගෙන ගියෙන්දෝ..
නන්නාදුනනා කිසිවෙක්
සිටියෙහිද ඔබ හා බිඳී
නොඑසේ නම් කිමද මෙවන්
කලේ විපතක් නොසිතු සේ…
ශේෂා පාථලී මහගමසේකර.
මහගම සේකර කවියාගේ සොහොන් කොත හාරා එහි තිබූ අළු බදුන වසර පහකට පසු හොරු ගෙන ගියේය. මේ සේකරගේ එවකට දොලොස් හැවිරිදි දියණිය පුවත් පතකට ලියා යවා තිබූ කවියකි.
Read more...
ආදරයෙන් ඇමතූ හඬ
මැකී ගියා,
දොළොස් විය ඉක්මෙන්නටත් පෙරාතුව.
ගස් වැල් හඬා වැලපින
මහත් සේ කම්පා විය.
සිරුරෙන් ඉතුරු වුන අළු රැගෙන
තැන්පත් කලෙමු සොහොන් ගැබක
සදාකාලයට සුරැකෙනු පිණිස.
පස් වසකට පසුව රැයක
පාළු අඳුරු රුදුරු රැයෙක
කණකොකෙක් වේදනාවෙන් හඬා ගියේ
අප ආදර සිහිවටනය
සොරාගෙන ගියෙන්දෝ..
නන්නාදුනනා කිසිවෙක්
සිටියෙහිද ඔබ හා බිඳී
නොඑසේ නම් කිමද මෙවන්
කලේ විපතක් නොසිතු සේ…
ශේෂා පාථලී මහගමසේකර.
මහගම සේකර කවියාගේ සොහොන් කොත හාරා එහි තිබූ අළු බදුන වසර පහකට පසු හොරු ගෙන ගියේය. මේ සේකරගේ එවකට දොලොස් හැවිරිදි දියණිය පුවත් පතකට ලියා යවා තිබූ කවියකි.
