Showing posts with label රාජතිලක. Show all posts
Showing posts with label රාජතිලක. Show all posts

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 05

>> Saturday, May 14, 2011

නන්දාවතී, උඹත් වරෙන් කොලඹ
වලව්ව දැන් ඇද වැටිලා
වීදුරු ගෙයක් හදල පියල් කොලඹ.
වතුර පොම්ප
විදුලි බුබුළු
ඇස්බැස්ටෝස් තහඩු
ඇමරිකානු පැටන් එකට

ගමයෙක් නොවෙයි පියල්
ඌ ඇවිල්ල කොලඹ එකෙක්
ඉස්සර හිත බැඳුණු කමට
පෙරැත්ත කරනවා මිසක

දාහක් හොයා ගන්න බැරියැ මෙහෙං
වයිවාරන්න එවුන්.
සිනමා හෝල් ඇතුලෙ
විහාර මහ දේවි උයනෙ
ගෝල්පේස් පිට්ටනියෙදි
ලක්සැලේදි
සාප්පු - කන්තෝරු වලදි..


රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, පිට 25


Read more...

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 04

>> Friday, March 26, 2010

ලයනල් පොත කියවයි
ඇඳේ ඇලව.
ප්රේමවතී ඔහු අසලින් හිඳගෙන….
ඔහු අත ගෙන
සෙමින් සෙමින් පිරිමදිමින්
නොකියා සිටි යමක්
‘මේ……’
හදිසි ආලෝකයක්
පහළ වූ කලක මෙන්
මොහොතකින් ඔහු මුහුණ එකලු විය.
ඒ එළියෙන් ඔහුට පෙනිණ
ප්රේමවතී නොකියූ දෙය.
සතුට පෙරෙන ආදරයෙන්
ඇයගේ නළලත සිඹ
ඔහු ඈ වැළඳ ගනී..

‘පුතෙක් නම් ප්රියන්තයි
දුවෙක්නම් ප්රියන්තා…’

පිටු අංකය: 55


Read more...

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 03

නොදකින්
කාලකන්නි…!
වෙලාවකට මට හිතෙනව
මේ ඔක්කොම දමලා ගෙදර යන්ඩ.
පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ
මෙහේ කොහෙද ළෙන්ගතු අය?
ඉබේට කටින් හැලෙන
ගුඩීවිනිං
ගුඩ් මෝනිං
පරඬල් වචන මිසක.

ජයවික්රම මැරුණා
අල්ලපු ගෙදර එවුන් ඒක දන්නෙ
පහුවෙනිදා සොහොනට ගිනියනකොට
ගමේ ඔහොම දෙයක් උණොත්
හැමෝම එකතුවෙලා
මග තොට මිනී පිටිය කොඩි ඇදලා
වළ කපලා
කර ගහගෙන
පස් වහලා
මුලු දවසම ඒ වැඩේට.
මෙහෙ?
පෙනිල යනව, සුදු පාටට

උඹෙත් මගෙත්
හැම මිනිහගෙම යටි හිත හැම තිස්සෙම
තව තව ඉහළ යන්ඩ.
එතන තමයි තරඟෙට මුල.
ඒ තරඟය අතහැර
උඹට බැරිය ගමට යන්ඩ.

පිටු අංකය: 30


Read more...

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 02

>> Tuesday, March 23, 2010

රන් රඹුටන් ජම්බු දොඩම්
අන්නසි ලොවි පේර දෙලුම්

සුවඳ විඳින මල් පලතුරු
නුවන අදන බඩු විසිතුරු

සහල් ඉරිඟු මෑ මුං තල
දොදොල් හකුරු මී අග්ගල

රන් මිණි මුතු බරණ ලකල්
නන් පැහැ පට පිලී දුහුල්

ආසියානු මඟ දෙපසේ
සෑදුනු සල්පිල් සහසේ

වෙළඳ අඟන තුණු රුවිනී
බොළඳ මිහිරි මද හසිනී
මගිනගෙ මන බැඳ ලමිනී
කැඳවති තම වෙත නිතිනී..
රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, පිට 66

Read more...

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත උපුටනය 01

>> Friday, March 19, 2010

කාරෙක අරන් මරදානෙන් යන කලට
කාර් වෑන් ලොරි බ්ලොක් වී මග දිගට
ඉඩ බල බලා කපමින් ඒ මේ අතට
කූඹින් වගේ හෙමිහිට ඇදෙති හිට හිට

කාර් එකේ ඇන්ජිම ගැහෙනවා මෙනේ
ඔහුගේ පපුව වේගෙන් ගැහෙනවා දැනේ
දැන් දැන් හිටියි ඇන්ජිම ඊයෙ වගේ
හිටිය, හිටියි හිටියොත් නම් හරිම වැඩේ,

හෝන් ගසති පිටිපස්සෙන් එක හඬට
එහෙන් මෙහෙන් යති රවමින් කාරෙක ට
එතකොට පොලිස් භටයා බැසවිත් බිමට
තල්ලු කරයි කාරෙක අයිනට ගන්ට.

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත.. පිට 25

Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP