මක්නිසාද යත්, උපුටනය 04
>> Monday, October 25, 2010
අලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.
එබසට සමාජයට හිනා ගියේය.
“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.
මක් නිසාද යත්, පූර්විකාව.
ඇඹුල කා ඉවර වූ වහාම උක්කුනුත් මමත් මැඩුවන් කන්දේ අනික් පැත්තට යමු.මැඩුවන් කන්දේම ඇලවී අහස දෙස බලා සිටිමු.මල් වට්ටියක් විසුරුවාක් මෙන් අහස පුරා තාරකා පායා ඇත. තාරකා නිවි නිවී දිලෙයි.මම නිශ්ශබ්දව ඒ දිහා බලා සිටිමි. උක්කුං ඉණෙන් බීඩියක් ගෙන දලවා ගනී. ෂ්…… ඔහු මටත් බීඩියක් දෙයි.මම වටපිට බලා හොරෙන් බීඩිය දල්වා ගනිමි.ලොකු මාමාගේ සීපද හඬ මැඩුවන් කන්දේ එහා කොනින් ඇසේ.පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම.යන් ලඳේ රටට කාටත් නොකියාම. මාමාගේ සීපද හඬ උස් පහත් වෙවී අන්ධකාරය විනිවිදගෙන ඈතින් ඈතට ගලා යයි.එහි කිසියම් ශෝකජනක ස්වරයක් ගැබ්වී ඇත්තා සේ මට හැඟෙයි.මම ඉන් මෝහනය වූවාක් මෙන් අහස දෙස බලා නිශ්ශබ්දව සිටිමි.
තුංමංහන්දිය පිට 31.
මිනිස් ගතිගුණ ඇති.
මක්නිසාද යත්, පිට 7
අපව සම්බන්ද කරගත හැකි විද්යුත් ලිපිනය :
mahagamasekera@gmail.com
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP