රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 05

>> Saturday, May 14, 2011

නන්දාවතී, උඹත් වරෙන් කොලඹ
වලව්ව දැන් ඇද වැටිලා
වීදුරු ගෙයක් හදල පියල් කොලඹ.
වතුර පොම්ප
විදුලි බුබුළු
ඇස්බැස්ටෝස් තහඩු
ඇමරිකානු පැටන් එකට

ගමයෙක් නොවෙයි පියල්
ඌ ඇවිල්ල කොලඹ එකෙක්
ඉස්සර හිත බැඳුණු කමට
පෙරැත්ත කරනවා මිසක

දාහක් හොයා ගන්න බැරියැ මෙහෙං
වයිවාරන්න එවුන්.
සිනමා හෝල් ඇතුලෙ
විහාර මහ දේවි උයනෙ
ගෝල්පේස් පිට්ටනියෙදි
ලක්සැලේදි
සාප්පු - කන්තෝරු වලදි..


රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, පිට 25


Read more...

මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ

>> Saturday, February 26, 2011

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

සේකර, පරසතුමල් අවසන් සටහන.

Read more...

පරසතුමල්

>> Monday, February 21, 2011

පරවුන මල් වල සුවඳ අතීතේ
පරසතුමල් ලඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදා වේ….

අතට වලලු මම කොහෙන් සොයම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉනට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියෙක් කොයින්දෝ

දහවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවට නිදි දෑස පියෙනවා
සීතල පාළුව ඉවුරු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩනවා…

පරසතු මල් සිනමා සිත්තමෙන්..
පද රචනය : සේකර, ගායනය : සුජාතා අත්තනායක, තනු නිර්මාණය : ලයනල් අල්ගම.