මගේ රට.
>> Saturday, May 22, 2010
කරලින් බරවී කෙත් වත් වී දේ
දෙරණින් එකසේ නවමිණි පෑදේ
මුතු බෙල්ලන්ගෙන් සමුදුර සෑ දේ
ලංකා මුතුවෙකි, මැද ගොළු මූදේ
සමනළ-හිරිගල කුළු පිදුරුතලා
අහසට නැඟ යෙයි ඔබ ගුණ ගොස-ලා
මහවැලි-වලවේ ගං දෙගොඩතලා
පස සරු කර යෙයි තඹ වතුරු ගලා
නිල් පෑ නොහරින තුරුලිය ගොල්ලේ
දුන්හිද දියලුම ඇලි දිය ඇල්ලේ
සමුදුර පරයන මහ වැව් රැල්ලේ
සිරි දැක හද තුල බැතිපෙම දැල්ලේ
වෙරල් දිගේ පල බර නෙරළු තුරුයි
කදුරට මිහිදුම් බැඳි තේ පඳුරුයි
සුලගේ නැලවෙන රන්වන් කුඹුරුයි
මගෙරට හැමටම වැඩියෙන් සොඳුරුයි
සීගිරිය දඹුල්ල පොලොන්නරුයේ
අනුරා පුරයේ ගඩලාදෙණියේ
බිතුසිතුවම් ගල් කැටයම් හමු යේ
මැවෙනා රස, තව කොහි වෙයිද, දියේ?
හග්ගල පේරාදෙණියේ උයනේ
මල් රොන් පිස එන ඇල් මද පවනේ
ළය සැනහෙන නිරතුරු මතු නිවනේ
වැඳ ලබනා සැප කුමටද? මවුනේ?
මුතු බෙල්ලන්ගෙන් සමුදුර සෑ දේ
ලංකා මුතුවෙකි, මැද ගොළු මූදේ
සමනළ-හිරිගල කුළු පිදුරුතලා
අහසට නැඟ යෙයි ඔබ ගුණ ගොස-ලා
මහවැලි-වලවේ ගං දෙගොඩතලා
පස සරු කර යෙයි තඹ වතුරු ගලා
නිල් පෑ නොහරින තුරුලිය ගොල්ලේ
දුන්හිද දියලුම ඇලි දිය ඇල්ලේ
සමුදුර පරයන මහ වැව් රැල්ලේ
සිරි දැක හද තුල බැතිපෙම දැල්ලේ
වෙරල් දිගේ පල බර නෙරළු තුරුයි
කදුරට මිහිදුම් බැඳි තේ පඳුරුයි
සුලගේ නැලවෙන රන්වන් කුඹුරුයි
මගෙරට හැමටම වැඩියෙන් සොඳුරුයි
සීගිරිය දඹුල්ල පොලොන්නරුයේ
අනුරා පුරයේ ගඩලාදෙණියේ
බිතුසිතුවම් ගල් කැටයම් හමු යේ
මැවෙනා රස, තව කොහි වෙයිද, දියේ?
හග්ගල පේරාදෙණියේ උයනේ
මල් රොන් පිස එන ඇල් මද පවනේ
ළය සැනහෙන නිරතුරු මතු නිවනේ
වැඳ ලබනා සැප කුමටද? මවුනේ?
හංස ගීතය සහ වෙනත් නිර්මාණ පිට 134
1 අදහස්:
සිරිලක නේක අසිරිය අපට මොනවට විදහාපාන මනරම් කවි පන්තියකි...
Post a Comment