මක්නිසාද යත්, උපුටනය 03

>> Friday, October 1, 2010

ඇගේ පිළිමයට
මා ගෑ සායම
මගේම කඳුලින් සේදී ගිය පසු
දේවාලය තුල මාදුටුවේ
නිරුවත් සුදුමැලි රාගය පමණයි
පිපාසිතව උඩුබැල්ලෙන් වැතිරුන.

ඊට වඩා මම ඔබට ආදරෙයි
මක් නිසාදයත්:

ඔබ මා මෙන් මිනිස් කෙනෙක්
මස් ලේ ඇට නහරින් සැදි
දයාව, ඊර්ෂාව
ආත්මාර්ථය, කෝපය

මිනිස් ගතිගුණ ඇති.

මක්නිසාද යත්, පිට 7


1 අදහස්:

Anonymous 3:36:00 AM  

හොඳ බ්ලොග් සටහනක් සොයමින් යනවිට මා හොඳම තැනට ගොඩවැදී ඇති බව හැඟේ. මෙම බ්ලොග් සටහන සැකසූ ඔබට මාගේ ගෞරවය...!!!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP