මී දුම් බර හිමිදිරියක

>> Tuesday, June 8, 2010

මී දුම් බර හිමිදිරියක
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.

උදය විය.

ඒ එක දවසක් ය.

ප්රබුද්ධ, පිට 47


2 අදහස්:

මින්දද 11:14:00 AM  

අයියා කරගෙන යන්නෙ ලොකු මිනිස්සු අමතක කරලා දාලා තියෙන ජාතික යුතුකමක්.. අයියට පින් ඒකට.

අයියේ පුලුවන්නම්, සක්වාලිහිණි එකේ "ගම අමතකයි" කවි පන්තිය එකතුකරන්න පුලුවන්ද බ්ලොග් එකට...

රවා 9:42:00 AM  

කාලෙකින් එන්න හම්බ වුනෙ. අපුරු තැන් ප්‍රබුද්ධ, මම අන්තිමට ගත්තු මහගමසෙකරගෙ පොත. හරිම සුන්දර කලාකරුවෙක්. නමුත් දැකලා අහලා නැති තැන් ගොඩාක් තියනවා, දැකපු තැන්වලට හරිම ආසයි.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP