මී දුම් බර හිමිදිරියක
>> Tuesday, June 8, 2010
මී දුම් බර හිමිදිරියක
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.
උදය විය.
ඒ එක දවසක් ය.
ප්රබුද්ධ, පිට 47
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.
උදය විය.
ඒ එක දවසක් ය.
ප්රබුද්ධ, පිට 47
2 අදහස්:
අයියා කරගෙන යන්නෙ ලොකු මිනිස්සු අමතක කරලා දාලා තියෙන ජාතික යුතුකමක්.. අයියට පින් ඒකට.
අයියේ පුලුවන්නම්, සක්වාලිහිණි එකේ "ගම අමතකයි" කවි පන්තිය එකතුකරන්න පුලුවන්ද බ්ලොග් එකට...
කාලෙකින් එන්න හම්බ වුනෙ. අපුරු තැන් ප්රබුද්ධ, මම අන්තිමට ගත්තු මහගමසෙකරගෙ පොත. හරිම සුන්දර කලාකරුවෙක්. නමුත් දැකලා අහලා නැති තැන් ගොඩාක් තියනවා, දැකපු තැන්වලට හරිම ආසයි.
Post a Comment