තාත්තා..

>> Thursday, August 4, 2011

පුංචි කාලෙ ඉඳලා මම
ආදරයෙන් ඇමතූ හඬ
මැකී ගියා,
දොළොස් විය ඉක්මෙන්නටත් පෙරාතුව.
ගස් වැල් හඬා වැලපින
මහත් සේ කම්පා විය.

සිරුරෙන් ඉතුරු වුන අළු රැගෙන
තැන්පත් කලෙමු සොහොන් ගැබක
සදාකාලයට සුරැකෙනු පිණිස.

පස් වසකට පසුව රැයක
පාළු අඳුරු රුදුරු රැයෙක
කණකොකෙක් වේදනාවෙන් හඬා ගියේ
අප ආදර සිහිවටනය
සොරාගෙන ගියෙන්දෝ..

නන්නාදුනනා කිසිවෙක්
සිටියෙහිද ඔබ හා බිඳී
නොඑසේ නම් කිමද මෙවන්
කලේ විපතක් නොසිතු සේ…

ශේෂා පාථලී මහගමසේකර.

මහගම සේකර කවියාගේ සොහොන් කොත හාරා එහි තිබූ අළු බදුන වසර පහකට පසු හොරු ගෙන ගියේය. මේ සේකරගේ එවකට දොලොස් හැවිරිදි දියණිය පුවත් පතකට ලියා යවා තිබූ කවියකි.


1 අදහස්:

සරත් ගුණතුංග 2:26:00 PM  

දයාබර පාඨලී,
ඔබගේ පබැඳියාව මම ඉතාමත් අසාවෙන් කියවීමි. ඔබගේ පියානන්ට මගේ ඇති ගෞරවය ඉතාමත් විශාලය. ඔබ සිටින නගරයත් ඔබ ගැනත් මම මීට පෙර අසා ඇත්තෙමි. පුද්ගලික දේවල් නිසා ඒ ගැන මෙහි කිසිවක් නොලියමි. මේ ලිපිනයට පිලිතුරක් එවන්න. Sarath.Gunatunga01@gmail.com

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP