තුංමංහන්දිය; උපුටනය 02

>> Tuesday, March 30, 2010

තුංමංහන්දිය තුලින් කාලය පියාඹන අයුරු සේකර අපූරුවට නිර්මාණය කරයි. ඒ සමඟම කාලයත් සමඟ නිරාකරණය නොවන ගැටලු පිලිබඳ ව ඉඟි කරයි.
“ නාකි උදවිය මැරී කොල්ලන්ගේ රවුළ එන්නට පටන් ගනී. ඒත් රදාවානේ හන්දිය වෙනස් නොවේ. ඒක එතැන ම එහෙමම තිබේ. අන්දර ගහ, අම්බලම, කඩ දෙක තුන, ඉස්කෝලයේ පවා කිසිම දියුණුවක් නැත. උපන්නාට මේ ලොව වැනෙනවා වගේ ඔහේ ආවාට ගියාට තියෙයි”
සේකර එතැන් සිට යව්වනයේ විප්ලවීය නිරීක්ෂන ශක්තිය පිලිබඳ ඉඟි කරයි.
…………. A ගේ පඩියෙන් 3/16ක් ඇඳුම් පැලඳුම් වලටද, 1/20ක් පුණ්ය කටයුතු සඳහාද, 3/10 ක් කෑමටද, 1/5 ක් ගෙවල් කුළී සඳහාද වියදම් වේ.ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. A මාසයකට රුපියල් 26.00 බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු. A මහා පුදුම මිනිහෙක් විය යුතු යැයි මට සිතේ. ඔහු අකුරටම ගනන් බලා පඩියෙන් 3/16ක් වියදම් කරන්නේ මාසයක් ගානේම ඇඳුම් ගන්නටය. මාසයක් ගානේම පඩියෙන් 1/20ක් පිනට දෙයි. තාත්තා සරමක් ගන්නේ හත් අට මාසයකට වරකි. හිඟන්නෙක් ආවොත් ශතයක් දෙකක්, හාල් ටිකක් දෙනවා මිස මේ විදිහට ගනන් බලා මාස් පතා දොර දන් දීමක් නැත. A මහා පෝසතෙකු විය යුතු යැයි මට සිතේ. ඒත් එච්චර පෝසතෙක් නම් පඩියෙන් 1/5ක් ගෙවල් කුළී ගෙවා අනුන්ගේ ගෙයක ඉන්නේ කුමකටද? ඇත්ත වශයෙන්ම මේ මිනිහාගේ ආදායම කොතෙක් දැයි සොයා බැලීම වටී…”

උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.

2 අදහස්:

රවා 11:49:00 AM  

දෙවන ඡේදයෙදි තර්කයත ප්‍රායොගික ලොකයත් අතර තිබෙන වෙනස උපහාසයකටද ලක් කර ඇතැයි මට සිතෙ..මුළු තුංමං හන්දිය පුරාවටම මහගම සේකරයන් කරන්නෙ සමාජයෙ එම දශක කිපයෙදිම සිදුව් විපරියාසය රාමුගත කිරිමයි. එහිදි ධනය ඉස්මතුවන ආකාරයත් එහා සමාන්තරව ග්‍රාමිය සුන්දරත්වය මිනිසුන්ගෙන් පලා ගිය ආකාරයත් විස්තර වෙ...

රසික වික්‍රමනායක 6:49:00 AM  

ඔව්.. සේකර කියල තියෙන්නෙ අපි නගරෙ පැත්තට යද්දි නගරෙ තියෙන ලයිට් කණු වේගෙන් ගම පැත්තට යනවා කියල..

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP