අපාර වූ ආකාසේ
>> Wednesday, March 24, 2010
අපාර වූ ආකාසේ
වලා සිඳුන බොල් එලියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..
ඇසට කඳුලු දිය නැඟුනේ
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුලු ඉවර දිනේ
හදට නොමැත ඒ තෙතමන…
අපාර වූ ආකාසේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..
ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..
ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….
සංගීතය : අමරදේව
ගායනය : නන්දා මාලනී සහ අමරදේව
වලා සිඳුන බොල් එලියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..
ඇසට කඳුලු දිය නැඟුනේ
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුලු ඉවර දිනේ
හදට නොමැත ඒ තෙතමන…
අපාර වූ ආකාසේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..
ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..
ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….
සංගීතය : අමරදේව
ගායනය : නන්දා මාලනී සහ අමරදේව
5 අදහස්:
මම මෙ සින්දුව අහලා නැහැ.... ඔයාගව තියනවා නම් ලින්ක් එකක් දාන්න....
මේ ගීතය අහල නෑ කියන්නෙ අදහන්නත් බෑ.. ඒ තරම් සුමියුරු, ජනප්රිය ගීයක්..
දකුනු පැත්තෙ ඔන්ලයින් ප්ලේයර් එක තියෙනවා. අහල බලන්න.
හැබැයි මේක කියන්නෙ අමරදේව විතරයි…
රවාට /
මේකෙන් ගන්න බලන්න රවා.....
http://www.mediafire.com/download.php?dzojmymxn5o
කොයිතරම් සුන්දර පදවැලක්ද? සින්දුව අහන්න ඕනි නැති තරම්.
මම සින්දුව හොයද්දි මට දිල් අක්ක දුන්නු ලින්ක් එක හම්බ උනා නමුත් පාස් වර්ඩ් එකක් ඉල්ලනවා.. මම මෙ රසික අයියා දාලා තියන player එකෙන් බාගත්තා දෙන්නටම ස්තුති...
තැන් තැන් වලට දුවන හිත ගල් කරලා එක තැනක තියන්න මෙ සින්දුව වටිනවා..මෙකෙ නියම රසය තව ටික දවසකින් මට වැටහෙවි. මෙ වගෙ සින්දු තියනව නම් තව දෙන්න අපිටත්.. එය අපිට කරන ලොකු උදව්වක්..ලස්සනට වැඩිය ලයාන්විතයි..හරිම මිහිරියි.
Post a Comment