බෝඩිම (උපුටාගැනීම් අංක 03)

>> Saturday, April 24, 2010

දියසේන : ඒ කාලෙ මම හිතුවා
දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
පස්සෙ මටම හිතුනා
ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව
එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
මිරිස් වලට වතුර ගැහුවා
කිරුවා බොරු පඩියෙං
ගින්දර අරන් ගියා වතුර යටිං
බෙලි කැපුවා දිය රෙද්දෙන්
ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
බැන්දා කසාදයක්
ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ
තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං 
ලක්ශයක් වුනත් මම දෙන්නං
හැබැයි ගොය්යො නිකම් නොවෙයි
ශයිලොක්ටත් දුන්නේ 
මස් රාත්තලේ පොළියට
මට දැන් තේරෙනවා
එක් එක් පුද්ගලය තර උණාම
මුළු රටම දියුණු වෙනව
මොකද තමුසෙල කියන්නෙ

බෝඩිම 20 පිටුව.


4 අදහස්:

CD Athuraliya 2:12:00 AM  

මාගේ ඇදහීම නම් ලක් පොළොවේ ජනිත වූ සොඳුරුතම කලාකරුවා ඔහුය යන්නයි. ඔහු වෙනුවෙන් කරන්නා වූ මෙහෙයට සියක් වරක් තුති...

මින්දද 6:07:00 AM  

මට හිතෙනවා සේකරයන් විවෘත ආර්ථිකයත් එක්ක ආපු සමාජ වෙනස් කම් වල සැබෑ ස්වරූපය දැකපු මුලින්ම දැක්ක කවියෙක්...

රසික වික්‍රමනායක 7:53:00 AM  

ස්තුතියි දෙන්නටම.. සේකර වෙනුවෙන් මම කරන්නට උත්සාහ කරන මේ ඉතා සුළු දෙයින් අපරිමිත සතුටක් ලබනවා.

``` Outsider``` 8:20:00 PM  

සේකරල දහස් ගාණක් ඉන්න ඕනි කාලෙක හිටපු එකම සේකරත් අද නැති එකනම් දුකක්.
අපේ බුද්ධියට වගේම හදවතේ පතුළටම මේ කවි පහර එල්ල කරනව.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP