කෙකටිය මල්

>> Wednesday, April 14, 2010

කෙකටිය මල්

ඉහල වෙලේ ඉස්මත්තේ
දිය හබරල මල් ගොල්ලේ
නීල වරල ළමැද හෙලාලා
බිමට නැමී ඔය කවුදෝ
පලා නෙලන්නේ
නීල නුවන් දෑලවරින්
වැසි වස්සන්නේ

පහල වෙලේ පුරං වෙලා
වල් බිහිවී ගිය කුඹුරේ
මම තනියම කාන්සියෙන්
කුඹුර කොටනවා
ඈත ඉන්න උඹේ මූණ
හිතේ ඇදෙනවා

නව වැස්සට වැව පිරිලා
කෙකටිය මල් උඩ ඇදිලා
ඒ අතටයි මේ අතටයි
නැමී වැනෙනවා
ඒ වතුරෙන් වෙල සරු වී
ගොයම පැහෙනවා

නීල ගොයම කිරි වැදිලා
රන් අස්වන් නෙලන දාට
නඟෝ අපිට ඇඹුල අරන්
වෙලට වරෙන්නේ

කෙකටිය මල් සුද තවරා
උඹේ සිනා කිරි උතුරා
නඟෝ අපිට ඇඹුල අරන්
වෙලට වරෙන්නේ

සක්වාලිහිණි පිට 94


3 අදහස්:

රවා 1:03:00 PM  

ලස්සන මොහොතක් සිතුවම් කරනවා හිත තුල..

රවා 1:05:00 PM  

රසික අයියා.... ඔබටත් ඔබගෙ පවුලෙ සියලුම දෙනාටත් උදාවු සිංහල අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා මම පතනවා...

රසික වික්‍රමනායක 9:25:00 AM  

ගොඩක් ස්තුතියි මල්ලි.. ඔබටත් , පවුලේ සැමටත්, සුභම සුභ නව වසරක් වේවා…!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP